පුරවැසි පනතට එරෙහි පෙත්සම්
නව පුරවැසි පනත අභියෝගයට ලක් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබුණු පෙත්සම් විභාගයට ගැනීම අද (18) සිදුවෙයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ ශ්‍රෙෂ්ඨාධිකරණයට පෙත්සම් 60 කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබුණු බවය. ඉන්දීය මුස්ලිම් වැසියන් නියෝජනය කරන එක්සත් මුස්ලිම් ලීගය සහ අසෝම් ගානා පරිශාද් දේශපාලන පක්ෂය පෙත්සම් ඉදිරිපත් කළ පාර්ශ්ව අතර සිටී. අසෝම් ගානා පරිශාද් යනු ඇසෑමයේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ හවුල්කාර පක්ෂයයි.
ඊට අමතරව, ඉන්දීය විද්වතුන් බොහෝ දෙනකු මෙන්ම ඉන්දීය ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්රස් පක්ෂයේ ජ්‍යෙෂ්ට නායක ජයිරාම් රමේෂ් ද පෙත්සම් ඉදිරිපත් කර ඇතැයි ද වාර්තා වේ.
නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)

