පුපුරා නොගිය ෂෙල් උණ්ඩයක්



වළලා තිබුණු ෂෙල් උණ්ඩයක් හමුවීමත් සමඟ ජපානයේ නරීටා ගුවන්තොටුපොළේ කැලැඹීමක් හටගත්තේය.

ගුවන් පථයක් අසල වළදමා තිබුණු මෙම ෂෙල් උණ්ඩය හමුවී ඇත්තේ එම ධාවන පථය අසල ඉදිකිරීම්වල නියැලූණු සේවකයන් පිරිසකට යැයි පැවැසෙයි.

පොලිසිය මැදිහත් වී ගුවන්තොටුපොළට ආරක්ෂාව දී, ෂෙල් උණ්ඩය ඉවත් කළේ බෝම්බ නිෂ්කී‍්‍රය අංශයේ නිලධාරීන්ගේ ද සහාය ඇතිවය. ඒ නිසා පැය තුනක කාලයකට ගුවන්තොටුපොළ වසා දැමුණු බව ද පැවැසෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS