පුටින්ටත් සම්බාධක



යුක්රේනය ආක්‍රමණය කළ රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින්ට පමණක් නොව රුසියන් විදේශ අමාත්‍ය සර්ගේලැව්රෝව් ට එරෙහිව ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය සහ කැනඩාව සම්බාධක පැනැවිමක් කර ඇත. ඒ, ඔවුන්ගේ වත්කම් සියල්ල අත්හිටුවමිනි.

ඊට අමතරව රුසියන් ජනාධිපති පුටින්ට හෝ විදේශ ඇමැති ලැව්රෝව්ට හෝ රුසියාවෙන් පිට සංචාරය කිරීම ද කළ නොහැකි වෙයි.

මේ වනවිටත් ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය සහ කැනඩාව, ජපානය, ඕස්ට්‍රේලියාව ඇතුළු බටහිර රටවල් රුසියාව සහ රුසියාවේ හමුදා ප්‍රධානීන් ඉලක්ක කර ගනිමින් ද සම්බාධක පනවා ඇත. ඊට අමතරව රුසියන් බැංකු සම්බන්ධයෙන් සහ ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් ද සම්බාධක පැනැවීම් සිදු කර ඇත.

(බීබීසී)


RECOMMEND POSTS