පුටින්ට පිළිකාවක්?



රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පිළිකා රෝගියකු බවත්, ඔහුට සැත්කමක් කිරීමට නියමිත බවත් ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසා තිබේ.

සැත්කමට ලක් වන බැවින් 69 හැවිරිදි පුටින් සිය බලතල තාවකාලිකව ආරක්ෂක මණ්ඩල ප්‍රධානී නිකෝලායි පැටෘෂෝට පවරා ඇතැයි ද නිව්යෝක් ටයිම්ස් වැඩි දුරටත් අනාවරණය කර ඇත.

නිව්යෝක් ටයිම්ස් පුවත්පත මේ බව අනාවරණය කළේ ඇමෙරිකන් බුද්ධි අංශ උපුටා දක්වමිනි. ඇමෙරිකන් බුද්ධි අංශ මේ බව දැනගෙන ඇත්තේ රුසියාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියකුට ලැබුණු රහස් ටෙලිග්‍රෑම් පණිවුඩයකිනි.

සැත්කමක් කළ යුතු බව වෛද්‍යවරුන් රුසියන් ජනාධිපතිවරයාට උපදෙස් දී ඇති අතර, සැත්කමින් පසු ටික කාලයක් ඔහුට විවේක ගැනීමට සිදුවනු ඇතැයි පැවැසෙයි. ආරක්ෂක මණ්ඩල ප්‍රධානී නිකෝලායි පැටෘෂෝට තාවකාලිකව බලය පවරා දිම සිදුවන්නේ ඒ නිසාය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS