පුටින්ගේ මිතුරා හංගේරියා යුක්රේනයේ



හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඔර්බාන්, යුක්රේනයට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය.

රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින්, හංගේරියානු අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ හැකි ඉක්මනින් සටන් විරාමයකට යා යුතු බවය.

හංගේරියාව, රුසියන් හිතවාදී රාජ්‍යයකි. බටහිර රටවලින් යුක්රේනයට හමුදා ආධාර හිමිවීම, විවේචනය කළ රාජ්‍ය නායකයකු ලෙස හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඔර්බාන් සැලකෙයි.

හංගේරියාව සහ යුක්රේනය අතර පවතින එදිරිවාදිකම් පසෙකලා මිතුදම් වර්ධනය කිරීමට ද තමන් අපේක්ෂා කරන බව වික්ටර් ඔර්බාන් යුක්රේන ජනාධිපතිවරයා හමුවේ පැහැදිලි කළේය.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS