පුටින් හමුවුණු වෛද්‍යවරයාට කොරෝනා

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගිය දා එරට කොරෝනා වයිරස රෝගීන් ප්‍රතිකාර ලබන රෝහලට ගිය අවස්ථාවේදී අතට අත දී ඔහු පිළිගත් එම රෝහලේ ප්‍රධාන වෛද්‍ය ඩෙනිස් ප්‍රොට්සෙන්කෝ කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇත.
පැය 24 පුරා වෙහෙසෙමින්, වයිරස ආසාදිතයන් වෙනුවෙන් කැපවුණු වෛද්‍ය ඩෙනිස් ප්‍රොට්සෙන්කෝ වයිරස ආසාදිතයකු වීම ගැන තමන් කනගාටුවන බවත් ඔහු ගැන සොයා බැලීමට කටයුතු කරන බවත් රුසියන් ජනාධිපතිවරයා පවසා ඇත.
රුසියන් ජනාධිපති පුටින් එම රෝහලේ සංචාරය කිරීමෙන් පසු අවස්ථා කිහිපයකදී කොරෝනා ආසාදනය වී ඇතිදැයි සෙවීමේ වෛද්‍ය පර්යේෂණවලට යොමු කළ බවත් ජනාධිපතිවරයා නිරෝගී සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් රුසියන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මොස්කව්හිදීය (රොයිටර්)

