පුටින් වියට්නාමයේ

ආසියා පැසිෆික් ආර්ථික සමුළුව හෙවත් ඇපෙක් සමුළුවට සහභාගී වීමේ අරමුණින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද වියට්නාමයේ ඩැංනැංග් නුවරට පැමිණියේය.
වියට්නාම රජයෙන් පුටින්ට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. සමුළුවට සමගාමීව පුටින් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක් පැවැත්වෙනු ඇතැයි පැවැසෙයි.
පුටින් හමුවී සාකච්ඡා පැවැත්වීමට තමන් සැදී පැහැදී සිටිනවා යැයි ට්‍රම්ප් පවසා ඇත. එහිදී උතුරු කොරියාව සම්බන්ධයෙන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
(ඒ.එෆ්.පී.)

