පුටින් යුද අපරාධකරුවෙක්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුද අපරාධකරුවක් බව ඔප්පු කරන බව යුක්රේනයේ නීතිපති ඉරීනා වෙනදික්තෝවා ප්‍රකාශ කළා ය.
රුසියාවට, විශේෂයෙන්ම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරෙහිව හේග් නුවර ජාත්‍යන්තර යුක්ති අධිකරණයට යන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඊයේ පැවැසීය.
එම ප්‍රකාශයෙන් පසු යුක්රේන නීතිපතිවරයා ඒ බව පැවැසුවා ය.
“අප හේග් නුවර ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ සාධාරණ නඩු විභාගයකින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුද අපරාධකරුවක් බව ඔප්පු කරනවා. 21 වැනි සියවැසේ ප්‍රධානම යුද අපරාධකරු ඔහු” යුක්රේන නීතිපතිවරිය එරට ‘යුක්රේන් ටී.වී.’ පුවත් සේවය ට කීවා ය.
යුක්රේනය රුසියාවට එරෙහිව මේ වනවිට ජාත්‍යන්තර යුක්ති අධිකරණයට අයඳුම් පත්‍රයක් යොමු කර ඇත.
(රොයිටර්)

