පුටින් බුද්ධිමත් අපේ නායකයෝ මෝඩයි

ධුරය අහිමි වී, දේශපාලන වේදිකාවෙන් ඈත් වී සිටින ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් රුසියන් යුක්රේන අර්බුදයත් සමග යළි කරළියට පැමිණ සිටී.
රුසියාවත් යුක්රේනයත් අතර හටගත් අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ට්රම්ප්, වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ නේටෝ සංවිධානය දැඩි ලෙස විවේචනය කළේය.
'පුටින් බුද්ධිමත්. ඔහු මේ වෙලාවේ බුද්ධිමත්ව යුක්රේනයට ඓරහිව පහරදීම් කරනවා. අපේ නායකයෝ (පුටින් සහ නේටෝවට සම්බන්ධ බටහිර රටවල නායකයෝ) මෝඩයි. ට්රම්ප් එක්ක හැප්පෙන්න ඔවුන් දන්නේ නැහැ. මා බලයේ සිටියා නම්, ඡන්ද වංචා සිදු කර මට බලය අහිමි නොකළා නම් අප කවුරුත් හොදින් දන්නවා මෙවැනි ඛේදවාචකයක් සිද්ධ වෙන්නේ නැහැ' යැයි ට්රම්ප් පැවැසුවේය.
හිටපු ඇමෙරිකන් ජනාධිපති ට්රම්ප් මෙසේ පැවැසුවේ ෆ්ලොරීඩාවේ ඕලැන්ඩෝ හි පැවැත්වුණු කොන්සර්වේටිව් දේශපාලන ක්රියාකාරී සමුළුව අමතමිනි.
ට්රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවද්දී, විදේශ සමග ගැටුම් ඇති කරගත්තේ නැත. ඔහු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග යහපත් සබදතා ඇති කර ගැනීමට උත්සාහ කළේය. කෙසේ නමුත් ඒ වනවිටත් ඇමෙරිකාව රුසියාවට පනවා තිබුණු සම්බාධක ඊට හරස් විය.
(එන්.ඩී.ටීවී.)

