පුටින් නේටෝවට ගහනවා බුද්ධි අංශ වාර්තාවක් කියයි

නේටෝ සංවිධානයේ එකමුතුකම පරික්ෂාවට ලක් කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නේටෝ රටවල් වෙත සීමා සහිත ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවත් එම ප්‍රහාරය මෙම වසරේ සරත් සෘතුවේ සිට 2029 වසර දක්වා කාලය අතරතුරදී එල්ල වනු ඇති බවත් ඇමෙරිකානු බුද්ධි අංශ වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එය සයිබර් ප්‍රහාරයක් හෝ හමුදා ප්‍රහාරයක් විය හැකි බවත් නේටෝ ගිවිසුමේ පස්වැනි වගන්තිය පරික්ෂාවට ලක් කිරීම සඳහා පුටින් මෙම ප්‍රහාරය එල්ල කරනු ඇති බවත් එහි සඳහන්ය. නේටෝ ගිවිසුමේ පස්වැනි වගන්තියට අනුව එක් නේටෝ රටකට එල්ල කරන ප්‍රහාරයක් නේටෝ සංවිධානයට එල්ල කළ ප්‍රහාරයක් ලෙස සැළකේ.
බෝල්ටික් කලාපයේ රටවල්වලට හෝ පෝලන්තයට පුටින් බොහෝ දුරට ප්‍රහාර එල්ල කිරීමට ඉඩ තිබෙන බවද එම මාධ්‍ය වාර්තාවේ සඳහන් විණි. නමුත් පුටින් නේටෝ සංවිධානයට ප්‍රහාරය එල්ල කරන නිශ්චිත දිනය ප්‍රකාශයට පත්කර නොහැකි බවද එම වාර්තාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේ නමුත් නේටෝ සංවිධානය මෙම වාර්තාව සම්බන්ධයෙන් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර එහි ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ නේටෝ සංවිධානය සියල්ලටම මුහුණ දීමට සූදානම් බවයි.

