පුටින්-ජින්පින් හමුවක්



රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ වීඩියෝ හමුවක් අද (30) පැවැත්විණි.

ජනාධිපතිවරුන් දෙදෙනා අතරේ හමුවක් පැවැත්වෙන බව නිවේදනය කෙරුණේ මීට දින කීපයකට පෙර සිටය.

කලාපීය අර්බුද සම්බන්ධයෙන් ජනාධිපතිවරුන් දෙදෙනාගේ අවධානය යොමු වුණු අතර ද්වීපාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීමට ද පුටින් සහ ජින්පින් අපේක්ෂා කරයි.

චීනය රුසියාවේ සමීපතම මිතුරාය. රුසියාවට කොන්දේසි විරහිතව සහාය දක්වන බවට චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවේ ප්‍රතිඥා දී ඇත.

පසුගිය පෙබරවාරි 24 වැනිදා ආරම්භ වුණු රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි.

මොස්කව් පැමිණෙන්නැයි රුසියන් ජනාධිපති පුටින්, චීන ජනාධිපතිවරයාට ඇරැයුම් කළ අවස්ථාවේදී චීන ජනාධිපති ජින්පින් නිහතමානීව එම ආරාධනාව පිළිගත්තේය.

(රොයිටර්)


RECOMMEND POSTS