පිලිපීන හමුදාව පොලිසියට වෙඩි තියලා



කොමියුනිස්ට් බෙදුම්වාදී ගරිල්ලන් යැයි සිතා පිලිපීන හමුදාව කළ වෙඩි තැබීමකින්, එරට පොලිස් නිලධාරීන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණු බවත් තවත් නව දෙනෙකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.

බෙදුම්වාදී ගරිල්ලන් සොයමින් පිලිපීන හමුදාව, සැන්ටා රීටා නගරයට නුදුරින් වනාන්තර ප්‍රදේශයේ දැවැත්ත මෙහෙයුමක් සිදු කර ඇත. එම මෙහෙයුම ගැන දැන නොසිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ද වනාන්තරයට පැමිණ ඇත්තේ ගරිල්ලන් සොයමිනි.

හමුදා සොල්දාදුවන්ට, පොලිස් නිලධාරීන් හරිහැටි හඳුනා ගැනීමට නොහැකි වුණු බවත්, සන්නද්ධ ගරිල්ලන් යැයි සිතා වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවත් පසුව අනාවරණය විය.

 (රොයිටර්)


RECOMMEND POSTS