පැපෝල් ගෙඩියකටත් කොරෝනා

ටැන්සානියාවේ පැපොල් ගෙඩියකට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට ජනාධිපති ජොන් මගුෆූලි පවසා ඇත. ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත්තේ ‘කොවිඞ් 19’ වයිරසය ඇතිදැයි පරීක්ෂා කිරීමට විදේශවලින් ලැබුණු පරීක්ෂණ කට්ටල දෝෂ සහිත බව පෙන්වා දෙමිනි.
ටැන්සානියාව නැගෙනහිර අප්‍රිකා රාජ්‍යයකි. ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව, මේ වනවිට ටැන්සානියාවෙන් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් 480 දෙනකු හමුවී ඇත. වයිරසය හේතුවෙන් මියගිය ගණන 16 කි. ‘කොවිඞ් 19’ වයිරසය ව්‍යාප්තියත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වී අප්‍රිකා රටවලට ‘කොවිඞ් 19’ පරීක්ෂණ කට්ටල ලබා දීම සිදු කෙරුණි. ජනාධිපති දෝෂ සහිත බව පෙන්වා දී ඇත්තේ මෙම පරීක්ෂණ කට්ටලය. ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ, සජීවීව එරට ජාතික රූපවාහිනිය ඔස්සේ සහේලි බසින් ජනතාව අමතමිනි.
‘විදේශවලින් ලැබුණු පරීක්ෂණ කට්ටල දෝෂ සහිතයි. ‘කොවිඞ් 19’ ආසාදනය වී නැහැ කී බොහෝ දෙනකු ආසාදියන් බව පසුව අනාවරණය වුණා. අපේ වෛද්‍ය පර්යේෂකයන් පැපොල් ගෙඩියක සාම්පල යොදා ගනිමින් පරීක්ෂණ කළා පැපොල් ගෙඩිය ‘කොවිඞ් 19’ ආසාදිතයකු බව තහවුරු වුණා. එපමණක් නොවෙයි, එළුවකුට, වටු කුරුල්ලකුට පවා ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි පරීක්ෂණවලින් පෙනී ගියා. එම පරීක්ෂණ වැරදියි. පරීක්ෂණ කට්ටල දෝෂ සහිතයි.’ යැයි ජනාධිපතිවරයා පැහැදිලි කළේ සිනහසෙමිනි.
මේ අතර අප්‍රිකාවට ඔබ්බෙන් පිහිටි මැඩගස්කර් දූපත් රාජ්‍යයේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මර්දනය කළ හැකි අරිෂ්ටයක් නිපදවා ඇති බවත්, එම අරිෂ්ට බෝතල් තොගයක් ගෙන ඒමට තමන් විශේෂ ගුවන් යානයක් මැඩගස්කරයට යැවූ බවත් ටැන්සානියා ජනාධිපතිවරයා පවසා ඇත. ශාකසාරවලින් නිපදවූ මෙම අරිෂ්ටය ‘කොවිඞ් ඕර්ගැනික්ස්’ යනුවෙන් නම් කර ඇති අතර, එය මැඩගස්කරයේ පාරම්පරික වෛද්‍යවරුන් විසින් සකස් කරනු ලැබූ අරිෂ්ටයකි. ‘කොවිඞ් 19’ රෝගයට ගොදුරු වූ බොහෝ දෙනකුට ඉක්මනින් සුවය ලැබීමට මෙම අරිෂ්ටය හේතු වී ඇති බව මැඩගස්කරය පවසා තිබේ.
ටැන්සානියා ජනාධිපතිවරයා පමණක් නොව, කොංගෝ රාජ්‍යයේ ජනාධිපතිවරයා ද පවසා ඇත්තේ අරිෂ්ට බෝතල් ගෙන්වා ගැනීමට තමන් විශේෂ ගුවන් යානයක් මැඩගස්කරයට පිටත් කර හැර ඇති බවය. මේ වනවිට මෙම අරිෂ්ටය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී තියෙඩෝර්ස් ග්රෙබ්රියේසිස්ගේ අවධානය යොමු වී ඇත.
‘පාරම්පරික ඖෂධ යොදා සකස් කළ අරිෂ්ටවලට කොවිඞ් 19 අඩපණ කිරීමට හැකියාව තිබෙනවා වෙන්න පුළුවන්. ඒත් එය කොවිඞ් 19 සඳහා නිල ඔසුවක් ලෙස නම් කරන්න හැකියාව නැහැ. වයිරසයට එන්නතක් නිර්මාණය ලහිලහියේ සිදුවෙනවා. ඒ ගැන අප බලාපොරොත්තු තබා ගැනීමයි වදගත් වන්නේ’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැහැදිලි කර තිබේ.
ඩොඩෝමාහිදීය (ඒ.එෆ්.පී.)

