පැපුවා වැසියෝ 2,000 ක් පණ පිටින් වැළලිලා



පැපුවා නිව්ගිනියාවේ සිදුවුණු මහා නායයෑමට හසුවී පණ පිටින් වැළලීගිය පිරිස 2,000 කට වඩා වැඩි යැයි පැපුවා නිව්ගිනියා බලධාරීහු එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවසා ඇත.

මහ වැසි හේතුවෙන් පැපුවා නිව් ගිනියාවේ නානයෑම හටගත්තේ පසුගිය 17 වැනිදාය. නායයෑම හටගත්තේ එන්ගා පළාතේ, කඳුකරයේ ගම්මානයකි. නායයෑමට ලක්වූයේ මුංගාලෝ නමැති කන්දය.

නායයෑම සිදුවුණු අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධනය පැවැසුවේ නායයෑමට හසුවීමෙන් පැපුවා නිව්ගිනිය වැසියන් 650 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS