පැනැවූ තහංචි ලිහිල් කෙරේ



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් හමුවීමත් සමඟ ඕක්ලන්ඞ් නුවරට පැවැවූ තහංචි ලිහිල් කිරීමට නවසීලන්ත රජය ඊයේ (30) තීරණය කළේය.

නවසීලන්ත රජය මෙසේ තීරණය කළේ සෞඛ්‍ය අංශ ලබා දුන් නිර්දේශ අනුවය.
නව වයිරස ආසාදිතයන් හමු නොවුණත්, ඕක්ලන්ඞ් නුවරත් නවසීලන්තයේ සෙසු නගරවලත් කොරෝනා අවදානම තවමත් පවතින අතර මුහුණු ආවරණ අනිවාර්යයෙන් පැලැඳිය යුතු බව සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇත.

නවසීලන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 1700 ට වැඩිය. මරණ වාර්තා වන්නේ 22 ක් ලෙසිණි. ඕක්ලන්ඞ් නුවරින් නව ආසාදිතයන් වාර්තා වීමට පටන් ගත්තේ මීට සති කීපයකට පෙරය. ඒ, කිසිදු කොරෝනා වයිරස ආසාදිතයකු හමුනොවී දින 100 ක් ගතවීමෙන් පසුවය.

ඕක්ලන්ඞ් නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS