පැතිරෙන්නේ වෙනස් වඳුරු උණ වයිරසයක්



ගෝලීය හදිසි තත්ත්වයක් ඇති කරමින්, රටවල් 70 කට පැතිරුණු ‘වඳුරු උණ’ වයිරසය වෙනස්කම් ගණනාවකට ලක් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ කලාපීය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ආචාර්ය පූනම් බෙත්‍රපාල් සිං පවසයි.

‘වඳුරු උණ’ වයිරසය පළමුවෙන් සොයා ගැනීම සිදුවූයේ 1958 වසරේදීය. වයිරසයේ ආම්භය අප්‍රිකාවෙනි. අප්‍රිකාවේ වඳුරන්ගෙන් එය අප්‍රිකා රටවල වැසියන්ට ආසාදනය වූ බව ඒ අනුව තහවුරු විය. ‘වඳුරු උණ’ පැපොල සහ මාරක වසූරිය වයිරසයේ අතරමැදි තත්ත්වයක් බව ද හඳුනා ගැනීම සිදුවිය.

මෙම වසර ආරම්භය වනතුර වනතුරු ‘වඳුරු උණ’ අප්‍රිකාවට පමණක් සීමා වුණු අතර, වෙනත් රටවලින් වයිරස ආසාදිතයන් වාර්තා වූයේ එක් කෙනකු හෝ දෙදෙනකු බැගිනි.

කෙසේ නමුත් මේ වනවිට ලොව නන්දෙසින් ‘වඳුරු උණ’ ආසාදිතයන් 17,000 කට වඩා වාර්තා වී ඇත. මරණ වාර්තා වන්නේ අප්‍රිකා රටවලින් පමණක් බව ද පැවැසෙයි.

‘වයිරස කාලයත් සමඟ වෙනස් වෙනවා. වයිරසවල ස්වභාවය එයයි. වසර ගණනාවක් තිස්සේ වඳුරු උණ වයිරසය ද වෙනස්වලට ලක්වී පරිණාමය වී තිබෙනවා. අද විද්‍යාඥයන් මවිත කරමින්, ලොව පුරා වඳුරු උණ වසංගතයක් නිර්මාණය වී ඇත්තේ ඒ නිසයි’ යැයි ආචාර්ය පූනම් බෙත්‍රපාල් සිං පැහැදිලි කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS