පාස්කු දිනය අද



ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහි කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට යෙදී ඇත.

ක්‍රිස්තුස් වහන්සේ ලෝවැසියන්ලෝ පාපයෙන් මුදා ගැනීම සඳහා කුරුසියට ජීවිතය පූජාකර දින 3 කට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවන් පාස්කු සමරනු ලබයි.

ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණුවන් විවිධ වත්පිළිවෙත් සිදුකරන අතර ගතකළ දින 40 ක චතාරික සමය ද පාස්කු ඉරිදා දිනයෙන් අවසන් වෙයි.


RECOMMEND POSTS