පාසලේ වහලය කඩා වැටේ

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ගම්මානයක පිහිටි රජයේ පාසලකට අයත් එක් පාසල් ගොඩනැගිල්ලක වහලයක් කඩා වැටී සිදුවුණු අනතුරකින්, පාසල් දරුවන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
සුන්බුන් අතරේ සිරවී තුවාල ලැබූ 17 දෙනකු කඩිනමින් රෝහල් ගත කෙරුණි. එම පිරිස අතරේ දරුවන් පමණක් නොව ගුරුවරුන් ද සිටින බව වාර්තා වේ.
තුවාල ලැබූ දරුවන් කීප දෙනකුගේ සහ ගුරුවරුන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග පවසන අතර, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යෑමට ඉඩ ඇතැයි ද පැවැසෙයි.
වහල කඩා වැටුණේ රාජස්ථානයේ ජහල්වාර් දිස්ත්‍රික්කයේ පීප්ලෝඩී පාසලේ එක් ගොඩනැගිල්ලකය. ඒ, ගුරුවරුන් සහ සිසු දරුවන් උදෑසන අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම ආගමික කටයුතුවල නියැලෙමින් සිටිද්දීය.
මෙම ගොඩනැගිල්ලේ වහලට අබලත් තත්ත්වයෙන් පසුවුණු බවත්, පාසල් දරුවන්ගේ මාපියන් අවස්ථා කීපයකදී මේ සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිවරයා සහ පළාතේ අධ්‍යාපන බලධාරීන්ට ඒ සම්බන්ධයෙන් දැනුම් දී තිබුණු බවත් ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත.
සුන්බුන් අතරේ සිරවුණු දරුවන් සහ සිසුන් බේරා ගැනීමට පාසලේ සෙසු ගුරුවරුන් සහ ගම් වැසියෝ යුහුසුළු වූහ.

