පාසල්වලට ගිලන් රථවලට ප්‍රහාර

රුසියානු හමුදා යුක්රේනයේ සිවිල් වැසියන් සිටින ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් පාසල්වලටත්, ගිලන් රථවලටත් බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කරන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
රුසියන් හමුදා මේ වනවිට යුක්රේනයේ කියේව් අගනුවර වට කරමින් පහර දෙන බවත්, සිවිල් වැසියන්ගේ ජීවිත අනතුරේ වැටී ඇති බවත් කියෙව් අගනුවර රැදී සිටින ජනාධිපති සෙලෙස්කී වැඩි දුරටත් පවසා ඇත.
දෙවැනි ලෝක යුද්ධයේ දී යුක්රේනය මුහුණ දුන් ආකාරයේ යුද බියක් සහ තර්ජනයකට යුක්රේන වැසියන් මුහුණ පා සිටින බව ද යුක්රේන ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ පෝස්ටුවේ සඳහන් වී ඇත.
(රොයිටර්)

