පාසල් දැරියෝ හයක් පැහැර ගැනෙති



නයිජීරියාවේ පාසලක නේවාසිකාගාරයකට කඩා වැදුණු තුවක්කුකරුවන් කණඩායමක්, සිසුවියන් හය දෙනකු සහ ගුරුවරියන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඇතැයි නයිජීරියා පුවත් සේවා වාර්තා කළේය.

තුවක්කුකරුවන් කඩා වැදී ඇත්තේ කඩුනා නගරයේ මිශ්‍ර පාසලක බාලිකා නේවාසිකාගාරයටය. ගිනි අවි පෙන්වමින් ආරක්ෂක නිලධාරීන් බය කරමින් පිරිස නේවාසිකාගාරයට කඩා වැදී ඇතැයි ද පැවැසෙයි. 

සිසුවියන් සහ ගුරුවරුන් දෙදෙනා පැහැරගෙන ගියේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නැත. එය අල් කයිඩාවේ ද සහාය ලබන බෝකෝ හරාම් ත්‍රස්තවාදීන් යැයි සැක කෙරේ.

2014 දී නයිජීරියාවේ චිබොක් පළාත් බාලිකා පාසලකට කඩා වැදුණු බෝකෝ හරාම් ත්‍රස්තයෝ පාසල් දැරියන් 276 දෙනකු පැහැරගෙන ගියහ.

කඩුනාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS