පාසලකට වෙඩි ප්‍රහාරයක්: දෙදෙනෙක් මියයයි



සෞදි අරාබියේ රියාද් නුවර පිහිටා ඇති පෞද්ගලක පාසලකට තුවක්කුකරුවකු ඇතුලු වී වෙඩි තබා ඇති අතර ඇමරිකානු සම්භවයක් සහිත පලස්ථීන විදුහල්පතිවරයෙකු සහ ගුරුවරයෙකු මිය ගොස් ඇති බව අක්බාර්24 පුවත්පත වාර්තා කළේය. 

වෙඩි තැබීමෙන් ආසියතිකයෙක් තුවාල ලබා ඇති බව ආරක්ෂක අංශ ප්‍රකාශ කළේය. 

වෙඩි ප්‍රහාරය එල්ල කල ඉරක ජාතිකයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු සෙවීම සඳහා උපාය දූතයින් යෙදවූ බව පොලීසිය ප්‍රකාශ කළේය. 

මේවන විට වෙඩි ප්‍රහාරය එල්ල කල පුද්ගලයා හඳුනා ගෙන ඇති බව Al Ekhbariya රූපවාහිනි නාලිකාව නිවේදනය කර ඇත.
වෙඩි තැබීමෙන් පසු තුවක්කුකරු පාසල් භූමියේ රැදී සිටින බවත්, රාමසාන් පාසල් නිවාඩුව හේතුවෙන් කිසිදු දරුවකු පාසල තුල රැදි නොසිටි බවත්, පාසල අවට සිටින පදිංචිකරුවන්ට පාසල අවට ප්‍රදේශයට නොපැමිණන ලෙස සෞදි අරාබියේ පිහිටා ඇති ඇමරිකානු තානාපති කාර්යාලය නිල ටුවිටර් සමාජ ජාල ගිණුම හරහා අදාල සිද්ධිය පළ කොට ඇත. 

GEMS Global Network පාසල් සමූහයට අයත් පාසලක් වන අතර Kingdom Holdings ආයතනය මගින් පරිපාලන කටයුතු සිදු කරනු ලබන බව වාර්තා වේ.

 
 
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 

 


RECOMMEND POSTS