පාලමට රක්ෂණ වන්දිය බිලියන 3 ක්



කන්ටේනර් නැව හැපීමෙන් කඩා වැටුණු, බොල්ටිමෝර් ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇමෙරිකන් රජයේ ෆෙඩරල් අරමුදල්වලින්, හදිසි අරමුදලක් ලෙස ඩොලර් මිලියන 60 මූල්‍ය ප්‍රතිපාදන වෙන් ඇති බවත්, පාලම කඩා වැටීමේ රක්ෂණ වන්දිය ඩොලර් බිලියන 3 කට වඩා වැඩි මුදලක් හිමිවනු ඇති බවත් පැවැසෙයි.

ඊට අමතරව‍, පාලම කඩා වැටීමෙන් පසු සුන්බුන් ඉවත් කිරීම සඳහා නැගෙනහිර එකිසත් ජනපද මුහුදු තීරයේ ඇති විශාලතම දොඹකරය බොල්ටිමෝර් වෙත රැගෙනවිත් ඇතැයි ද පැවැසෙයි. පාලම කඩා වැටෙද්දී අතුරුදන් වුණු සංක්‍රමණික සේවකයන් සය දෙනාගෙන් තවමත් හමුවේ ඇත්තේ දෙදෙනකුගේ සිරුරු පමණි.


RECOMMEND POSTS