පාප්තුමාගෙන් පැසැසුම්



‘කොවිඩ් 19’ වයිරසය හේතුවෙන් පනවා තිබූ ලොක්ඩවුන් තහංචි ලිහිල් කිරීමෙන් පසු වතිකානයේ පළමු වරට විශේෂ දේව මෙහෙයක් පැවැත්වුණු අතර, ඊට සහභාගී වෙමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ඉතාලි සෞඛ්‍ය සේවකයන්ට සිය ප්‍රශංසාව පුද කළේය.

'මුළු රටම ඔබට ණය ගැතියි. ඔබ කළ සේවය අති විශිෂ්ඨයි' යැයි පාප්තුමන් සෞඛ්‍ය සේවකයන්ට ස්තුති කිරීමට ද අමතක නොකළේය. මෙම දේව මෙහෙය පැවැත්වූයේ වතිකානයේ ෆෙස්කෝ ක්ලෙමෙන්ටයින් ශාලාවේදීය.

චීනයෙන් පිට පළමු ‘කොවිඩ් 19’ කේන්ද්‍රස්ථානය බවට පත් වූයේ ඉතාලියයි. කෙසේ නමුත් මේ වනවිට ඉතාලියේ ආසාදිතයන් සහ මරණ කෙමෙන් අඩු වෙමින් පවතී. එසේ වුවත් ඊයේ (20) දිනයේ ද මරණ 47 ක් වාර්තා වූ අතර, නව ආසාදිතයන් 262 ක් හඳුනා ගැණින.

මේ වනවිට ‘කොවිඩ් 19’ මරණ අතින් ලොව සිවුවැනියට සිටින්නේ ඉතාලියයි. ඉතාලියෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 34,610 කි. ආසාදිතයන් සංඛ්‍යාව 2,38,275 කි.

වතිකානයේදීය (රොයිටර්)


RECOMMEND POSTS