පාප්තුමා සමාව ඉල්ලයි



නව අවුරුදු උදාවත් සමඟ ශාන්ත පීටර්ස් චතුරස්‍රයට රැස්වූ පිරිස අතරේ සිටි කාන්තාව තම අතින් ඇද්ද අවස්ථාවේ, තමන්ට දැඩි වේදනාවක් දැණුනු බවත්, එම අවස්ථාවේ තම ඉවසීමේ සීමාව ඉක්මවා ගිය බවත් පවසමින් එම සිදුවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ අමතක නොකළාහ.

කාන්තාව අතින් ඇද්ද අවස්ථාවේ පාප්තුමන්ට කේන්ති ගිය අතර, පාප්තුමන් ඔහුගේ අතින් ඇගේ අතට පහර දෙමින් අත ඉවතට ගෙන අප්‍රසාදය පෙන්වමින් එතැනින් පිටවී යයි.

කාන්තාව පාප්තුමන්ගේ අතින් ඇදීමත්, පාප්තුමන් සිය අතින් ඇගේ අතට ගසමින් අත ඉවතට ගෙන, අප්‍රසාදය පළ කරමින් එතැනින් පිටව යන අයුරුත් දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිටත් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.

තම හැසිරීම ගැන තමන් කනගාටු වන බවත් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලන බවත් පාප්තුමා වැඩිදුරටත් පවසා ඇත. තමන්ගේ හැසිරීම වැරැදි පූර්වාදර්ශයක් බව ද පාප්තුමෝ වැඩි දුරටත් කියා සිටියහ.

(අල් ජසීරා)


RECOMMEND POSTS