පාප්තුමා පැපුවා නිව්ගිනියාවට



අග්නිදිග ආසියානු කලාපයේ සංචාරයක් ආරම්භ කරමින්, ඉන්දුනීසියාවට ගිය ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා, එම සංචාරය නිමා කිරීමෙන් පසු පැපුවා නිව්ගිනියාවට ගියේය. 

පැපුවා නිව්ගිනියා රජයෙන් සහ එරට ජනතාවගෙන් පාප්තුමන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. වානිමො නමැති වෙරළාශ්‍රිත නගරයේ දී පැපුවා නිව්ගිනියා ස්වදේශීය වැසියන් පාප්තුමන් පිළිගත්තේ ඔවුන්ගේ සම්ප්‍රදායට අනුවය. ස්වදේශීය වැසියෝ ඔවුන්ගේ සම්ප්‍රදායට අනුව, පිහාටුවලින් හැඩ ගැන්වුණු හිස් වැස්මක් ද පාප්තුමන් තෑගි කළහ.

පාප්තුමන් පැපුවා නිව් ගිනියාවට පැමිණි මිෂනාරීවරුන් කළ ආරාධනාවක් පිළිගනිමිනි. පෝර්ට් මෝර්ස්බි නගරයේ පාප්තුමන්ගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙයක් පැවැත්වුණු අතර 35,000 කට වැඩි පිරිසක් ඊට සහභාගී වූහ. දේව​ මෙහෙයෙන් පසු පාප්තුමා හමුදා ගුවන් යානයක නැගී පපුවා නිව් ගිනියාවේ පිටිසර පළාත් රැසක සංචාරය කිරීමට ද අමතක නොකළේය. 

පැපුවා නිව්ගිනියා සංචාරය අවසන් කිරීමෙන් පසු පාප්තුමා නැගෙනහිර ටිමෝර් රාජ්‍යයටත් පසුව සිංගප්පූරුවටත් යෑමට නියමිත බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS