පාප්තුමන්ගේ රෝගී තත්ත්වය නරක අතට



පෙනහළු ආසාදන තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 

88 හැවිරිදි පාප්තුමන් මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින්නේ, රෝමයේ ජෙමෙලි රෝහලේය. වෛද්‍යවරුන් පාප්තුමන්ට විවිධාකාරයේ ප්‍රතිකාර ලබා දෙන නමුත්, රෝගී තත්ත්වයේ අඩුවක් දකින්න නොලැබෙන බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන් රෝහල්ගත කෙරුණේ පසුගිය 14 වැනිදාය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS