පාකිස්තානයේ විදුලිය කැපේ

විදුලිය බලාගාරවලට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට මුදල් නොමැති බැවින් පාකිස්තානය ද විදුලි කප්පාදුවක් සිදුවෙයි.
විදේශවලින් ගල් අඟුරු සහ ස්වභාවික වායු මිලදී ගැනීමට පවතින මුදල් හිඟය හේතුවෙන් ගෘහ සහ කර්මාන්ත සඳහා විදුලිය කප්පාදු කෙරෙන බව පාකිස්තාන නව රජය නිවේදනය කර තිබේ.
පාකිස්තානය තෙල්, ගල් අගුරු සහ ස්වභාවික වායු මිලදී ගන්නේ යුක්රේනයෙනි. රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙන් ඉන්ධන මිලදී ගැනීමේ ගැටලු මතු විය.
මෙගාවොට් 3,500 ක විදුලිය ධාරිතාවක්, පාකිස්තාන විදුලිය බල පද්ධතියට එක් කරන ප්‍රධාන විදුලිබලාගාරය අකර්මණ්‍ය වී ඇති බවත්, එය සිදුවූයේ පසුගිය අප්‍රේල් 13 වැනිදා බවත් පාකිස්තානයේ නව මුදල් ඇමැතිවරයා ට්විටර් පණිවුඩයක් ඔස්සේ පවසා තිබේ. පාකිස්තාන නව රජයේ මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කරන්නේ මිෆ්තා ස්මයිල්ය.
ඉම්රාන් ඛාන් දෝෂාභියෝගයකින් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය ධුරයට පත් වී නව රජයක් පිහිටුවූයේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කළ ෂෙහ්බාස් ෂරීෆ්ය.
(රොයිටර්)

