පාකිස්තානයේ දුරකතන අන්තර්ජාල බිඳ වැටෙන ළකුණු

පාකිස්තානයේ සිදු කෙරෙන දීර්ග විදුලි කප්පාදු කිරීම් හේතුවෙන් ජංගම දුරකථන සහ අන්තර්ජාල සබඳතා බිදවැටීමේ අවදානමක් මතුවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තානය මේ වනවිට උග්‍ර ආර්ථික සහ බලශක්ති අර්බුදයකට මුහුණ දෙයි. පාකිස්තානයේ පිටිසරබද පළාත්වල විදුලි කප්පාදුව පැය 12 ක් යැයි ද පැවැසෙයි.
එලැඹෙන දිනවල විදුලි කප්පාදු කිරීමේ කාලසීමාව තව තවත් වැඩි වනු ඇති බව පාකිස්තාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
පාකිස්තානයේ බලශක්ති අර්බුදය දිනපතා උත්සන්න වෙමින් පවතින අතර, ස්වභාවික වායු, සහ ඉන්ධන සපයා ගැනීමට නොහැකිවීමෙන් එරට ජන ජීවිතය දැඩි කඩා වැටීමකට ලක්වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
(රොයිටර්)

