පාකිස්තානයේ ගෑස් පිපිරීමකින් 12 ක් මරුට



පාකිස්තානයේ කරච්චි නුවර ගොඩනැගිල්ලක ගෑස් කාන්දුවක් නිසා පිපිරීමක් සිදුවිය. පිපිරීමෙන් මියගිය ගණන 12 ක් බවත් තවත් 13 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් වාර්තා විය.

ගෑස් කාන්දුවෙන් පුපුරා ගියේ බැංකු ශාඛාවක් පිහිටි ගොඩනැගිල්ලකි. පිපිරුමෙන් බැංකු ශාඛාව මුළුමනින්ම විනාශ විය. අවට මාර්ගයේ නවතා තිබූ මෝටර් රථවලට ද දැඩි හානි සිදුවිය.

තුවාල ලැබූ 13 දෙනාගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යෑමට ඉඩ ඇති බවත් පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ, රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමිනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS