පාකිස්තානයේ කඳවුරු පිහිටුවන්න ඇමෙරිකාව සූදානම්

පාකිස්තානයේ ඇමෙරිකන් හමුදා කඳවුරු පිහිටුවීමට ඇමෙරිකාව උත්සාහ ගන්නා බව පාකිස්තානයේ හිටපු අග්රාමාත්ය ඉම්රාන් ඛාන් පවසයි.
ඉම්රාන් ඛාන් වැඩි දුරටත් පවසා ඇත්තේ, තමන් විශ්වාසභංගයකින් ධුරයෙන් නෙරපලා දැමීමට කටයුතු කළ විපක්ෂය ඇමෙරිකාව සමඟ රහස් ගිවිසුම් කිහිපයකට එකඟත්වය පළ කර ඇති බවය.
ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම් අවසන් කළ ඇමෙරිකාව පාකිස්තානයේ හමුදා කඳවුරු පිහිටුවීමට උත්සාහ ගත් නමුත් අගමැති ධුරයේ සිටි තමන් ඊට අවසර නොදුන් බවත් හිටපු අග්රාමාත්ය ඉම්රාන් ඛාන් පවසයි.
තමන්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂයට ඇමෙරිකාවෙන් මුදල් ආධාර ලැබී ඇති බවට ද හිටපු අග්රාමාත්ය ඉම්රාන් චෝදනා නගා ඇත.
(එන්.ඩී.ටීවී.)

