පාකිස්තානයෙන් පළමු කොරෝනා මරණ

පාකිස්තානයෙන් පළමු කොරෝනා මරණය වාර්තා විය. පාකිස්තාන සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කළේ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අසාදනය වූ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වුණු බවය.
මේ වනවිට පාකිස්තානයේ කොරෝනා ආසාදිතයන් 300 දෙනකු හමුවී ඇත. එයින් 297 දෙනකු රෝහල්වල රැඳී සිටින බවත් දෙදෙනකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් වාර්තා වේ.
ආසාදිතයන් හඳුනා ගැනීමට රටපුරා රසායනාගාර පහසුකම් ස්ථාපිත කිරීමට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් උපදෙස් දී ඇත. මේ අතර, කෙසේ හෝ වයිරසය ව්‍යාප්තවීම පාලනය කර ගැනීම කළ යුතු බවත්, කිසිම හේතුවක් නිසා පාකිස්තානය සම්පූර්ණයෙන් වසා දැමීම (ලොක් ඩවුන්) නොකරන බවත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අවධාරණය කර ඇත.
ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)

