පාකිස්තානයෙන් ඉන්දියාවට චෝදනා



ඉන්දීය නියෝජිතයින් පාකිස්තානය තුළ පාකිස්තාන ජාතිකයන් දෙදෙනෙකු ඝාතනය කර ඇතැයි පාකිස්තානය චෝදනා කරයි.

2023 වසරේ දදී සිදු කළේ යැයි කියන මෙම ඝාතන ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

මීට මාස කිහිපයකට පෙර කැනඩාව ද එවැනිම චෝදනාවක් කළේය.

ඒ, සීක් බෙදුම්වාදී නායකයකු කැනඩාවේ දී ඝාතනය කිරීමේ සිදුවීම මුල්කොට ගනිමිනි. එම චෝදනාව ද ඉන්දියාව ප්‍රතික්ෂේප කර ඇත.

පාකිස්තාන බලධාරීන් පවසන ආකාරයට, රාවලාකොට් සහ සියල්කොට් නගරවලදී 2023 සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල සිදු කළ එම ඝාතන සඳහා ඉන්දීය නියෝජිතයින් සම්බන්ධ බවට ඔවුන් සතුව පැහැදිලි සාක්ෂි ඇත.


RECOMMEND POSTS