පාකිස්තානයෙත් කොරෝනා වැඩියි

පාකිස්තානයේ කොරෝනා ආසාදිතයන් ගණන මේ වනවිට ඉහවහාගොස් තිබේ. මේ වනවිට පාකිස්තානය කොරෝනා වයිරසයේ තෙවැනි රැල්ලට මුහුණ දෙමින් සිටී.
ගතවුණු පැය 24 ඇතුළත පාකිස්තානයෙන් වාර්තා වූ සමස්තආසාදිතයන් ගණන 6,127 කි. මරණ වාර්තා වුයේ 149 ක් ලෙසය. පාකිස්තානයේ මේ අයුරින් කොරෝනා ආසාදිතයන් ඉහළ ගියේ 2020 ජූනි මාසයෙන් පසුවය.
(රොයිටර්)

