පාකිස්තානයට මිලියන 195 ක ණයක්



පාකිස්තාන වැසියන් මුහුණ දෙන බලශක්ති අර්බුදය සැලකිල්ලට ගනිමින්, එරට බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 195 ක ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුවේ අවධානය යොමු වී ඇත.

ණය මුදල ලබා දීම සිදුවන්නේ ලෝක බැංකුවේ, විදුලිය බෙදා හැරීමේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේය. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන රජය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටී. මීට සති කීපයකට පෙර සෞදියෙන් ද පාකිස්තානයට සහන ණය පැකේජයක් හිමිවිය.

(රොයිටර්)


RECOMMEND POSTS