පාකිස්තානය ලෝකයේ වඩාත් අනතුරුදායක රටක්



න්‍යෂ්ටික අවිවලින් ද සන්නද්ධ පාකිස්තානය, ලෝකයේ වඩාත් අනතුරුදායක රටවලින් එකක් යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

ඇමෙරිකන් ජනාධිපති බයිඩන් පාකිස්තානය සම්බන්ධයෙන් මෙසේ පැවැසුවේ, ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වුණු ඩිමොක්‍රටික් කොංග්‍රස් ප්‍රචාරක කමිටුව හමුවේ, ඇමෙරිකන් විදෙස් ප්‍රතිපත්ති ගැන සහ රුසියාව සහ චීනයේ ක්‍රියා කලාපය ගැන අදහස් දක්වද්දීය.

පාකිස්තානය න්‍යෂ්ටික අවි බලැති රාජ්‍යයක් බවත්, පාකිස්තානය ඔවුන්ගේ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් සෙසු රටවල් සමඟ කිසිදු එකමුතුවකින් ක්‍රියා නොකරන බැවින්, පාකිස්තානය ලොව අනතුරුදායක රටක් ලෙස තමන් පිළිගන්නා බව ඇමෙරිකන් ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ රජය, ඇමෙරිකාව සමඟ යහපත් සබඳතා ගොඩ නගා ගැනීමට උත්සාහ ගනිමින් සිටින අතර, බයිඩන්ගේ මෙම ප්‍රකාශය ඊට බාධාවක් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(රොයිටර්)

 


RECOMMEND POSTS