පාකිස්තානට ඇෆ්ගනිස්තානයට භූමි කම්පාවක්



රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය කැලඹිණි.

භූම්කම්පාවෙන් පාකිස්තානයේ මෙන්ම ඇෆ්ගනිස්තානයේ 12 දෙනකු මියගොස් 150 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

භූමි කම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ, ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කඳුකරයේ කිලෝ මීටර් 180 ක් ගැඹුරින් යැයි භූ විද්‍යාඥයෝ පවසති.

මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත්තේ, ඉන්දියාවට, ඇෆ්ගනිස්තානයට පමණක් නොව, මධ්‍යම ආසියානු රටවල් වන කිරිගිස්තානයට, උස්බෙකිස්තානයට, ටජිකිස්තානයට, කසක්ස්තානයට, ටර්ක්මෙනිස්තානයට සහ චීනයට ද භූමි කම්පාවේ ප්‍රබලත්වය දැණුනු බවය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS