පාකිස්තාන සෙබළු සෞදි දේශසීමාවට



යේමනයේ හවුති කැරැලිකරුවන්ගෙන් එල්ල වන තර්ජන හේතුවෙන් සෞදි දේශසීමා ආරක්ෂාව තර කිරීමට සෞදි රජයේ ඉල්ලීම මත තම හමුදා හමුදා බලඇණියක් සෞදි දේශසීමාවට යවන බව පාකිස්තානය පවසයි.

යේමනයේ ෂියා මුස්ලිම් හවුති කැරැලිකරුවන් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් යේමන සෞදි දේශසීමාවේ අර්බුදයක් නිර්මාණය වී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත.

සෞදි හමුදාවේ සහායට තම සොල්දාදුවන් යැවෙන බවත්, යේමන අර්බුදයට මැදිහත් වීමට කිසිදු අවශ්‍යතාවක් නැති බවත් පාකිස්තාන රජය පවසා ඇත.

පසුගිය වසරේ දෙසැම්බරයේ පාකිස්තාන හමුදාපති ජනරාල් ඕමාර් ජාවද් බජ්වා සෞදියේ සංචාරයක නියැලුණේය. එහිදී සෞදියට හමුදා සහාය ලබා දීමට පොරොන්දුවක් ද ලබා දුන්නේය. පාකිස්තානය සහ සෞදි අරාබිය අතරේ ඉතා සමීප සබඳතා පවතී.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS