පාකිස්තාන මැතිවරණයට දින නියම වෙයි
පාකිස්තාන මහ මැතිවරණය ලබන වසරේ පෙබරවාරි 8 වැනිදා පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. මැතිවරණ කොමිසමේ නිලධාරීන් පාකිස්තාන ජනාධිපති අරීෆ් අල්වි හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසු මැතිවරණයට දිනයක් තෝරා ගත් බව ද පැවැසෙයි.
පාකිස්තානය ආරක්ෂක, ආර්ථික සහ දේශපාලනික අර්බුදයකට මුහුණ දෙයි. මහ මැතිවරණය පැවැත්වීම දිනෙන් දින ප්රමාද වූයේ ද මෙම අර්බුද හේතුවෙනි. මහ මැතිවරණයකට ඉඩ සලසා දෙමින් පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුවූයේ පසුගිය අගෝස්තු 9 වැනිදාය.