පාකිස්තාන ත්‍රස්ත මර්දන ඒකකයට බෝම්බ ප්‍රහාරයක්

වයඹදිග පාකිස්තානයේ ත්‍රස්ත මර්දන ඒකකය පිහිටි ගොඩනැගිලි සංකීර්ණයට ප්‍රබල බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල විය. ප්‍රහාර එල්ල කරන්න ඇත්තේ පාකිස්තාන තලේබාන් ත්රස්තවාදීන් යැයි අනුමාන කෙරේ.
බෝම්බ එල්ල වූයේ ස්වාත් නිම්නයේ කයිබර් පක්තුන්කාවා පළාතේ ස්ථාපිත කර ඇති ත්‍රස්ත මර්දන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලටය.
කයිබර් පක්තුන්කාවා පළාතේ පොලිස් ස්ථානය, මෙන්ම කයිබර් පක්තුන්කාවා අතිරේක පොලිස් බලඇණි මූලස්ථානය ද පිහිටා ඇත්තේ මෙම ගොඩනැගිල්ලේය.
ස්වාත් නිම්නයේ තලේබාන් ත්රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් බහුලව සිදුවෙයි. 2012 දී බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගූ ස්වාත් නිම්නයේ පදිංචිකාරියක වී සිටි මලාලා යූසොෆ්සායි දැරියට වෙඩි තැබුවේ ද පාකිස්තාන තලේබාන් ත්රස්තවාදීන්ය.
(රොයිටර්)

