පාකිස්තාන කි‍්‍රකට් කණ්ඩායමටත් කොරෝනා

පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයන් හත් දෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සඳුඳා වාර්තා විය. මේ අනුව නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ගණන දහයකි.
ෆකර් සමාන්, ඉම්රාන් ඛාන්, කෂීෆ් බාති, මොහොමඩ් හෆීස්, මොහොමඩ් හස්නෙයින්, මොහොමඩ් රිස්වාන් සහ වහාබ් රියාස් යන මෙලෙස නව කොරෝනා වයිරසය ආසාදනය වූ ක්‍රීඩකයෝ වෙති.
පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම පූර්ණ තරග සංචාරයක් සඳහා ජූනි 28 වැනිදා එංගලන්තයට යෑමට නියමිතව තිබිණි.
පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ, ක්‍රීඩකයන්ගේ සහායකයකු (සම්භාහකයා) වන මලාන්ග් අලිට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
ෂොයිබ් මලික්, ක්ලිෆ් ඩීකන් සහ වකාර් යුනිස් යන අය ද ‘කොවිඩ්-19’ පරීක්ෂණවලට යොමු කිරීමට නියමිත බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේය.
මේ අතර බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක මෂ්රෆි මොර්ටාසාට ද නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පසුගිය සතියේදී වාර්තා විය.
ඉන්දියා ටුඩේ

