පාකිස්තාන අගමැතිට ඉන්දියාවෙන් නඩු
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වෙමින්, ඉන්දියාවට එරෙහිව ප්රතිවිරෝධ අදහස් දැක්වූයේ යැයි ඉන්දීය නීතීඥවරයකු පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට නඩු පවරා ඇත.
නඩු පවරා ඇත්තේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මුසාෆර්පූර් අධිකරණය හරහාය. පසුගිය සතියේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වුණු ඉම්රාන් ඛාන් සිය දේශනය ඉදිරිපත් කළේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැවැත්වූ දේශනයෙන් පසුවය.
විනාඩි 50 ක කාලයක් ආවේගශීලීව කතා කරමින් ඉන්දීය රජය, ඉන්දු කාශ්මීර වැසියන්ට සිදු කරන අසාධාරණකම් සහ කෙණෙහිලිකම් සම්බ්නධයෙන් පාකිස්තාන අගමැතිවරයා දොස් කීවේය. ඉන්දීය රජයේ ක්‍රියා කලාපය මුල්කොට ගනිමින් ඉන්දු කාශ්මීරය ලේ විලක් වනු ඇතැයි ද අගමැති ඉම්රාන් පෙන්වා දුන්නේය. ඉන්දීය නීතීඥවරයා පාකිස්තාන අගමැති ඉම්රාන්ට නඩු පැවැරීම කර ඇත්තේ මෙම අදහස් දැක්වීම මුල්කොට ගනිමිනි.
ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්ස්)

