ප්‍රහාරයට රාහුල් ගාන්ධිගේ පැසැසුම්



පාකිස්තානයේ පිහිටි ඉස්ලාමීය ත්‍රස්ත පුහුණු කඳවුරු ඉලක්ක කර ගනිමින් කළ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘කොංග්‍රස්’ පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ දේශපාලන නායකයන් බොහෝ දෙනකු ඉන්දීය අගමැති මෝදි ප්‍රමුඛ රජයටත් ඉන්දීය ගුවන් හමුදාවටත් ප්‍රසංශා කර ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කර ඇත.

ඉන්දීය ගුවන් හමුදාව පාකිස්තානයේ ත්‍රස්ත පුහුණු කඳවුරු ඉලක්ක කර ගනිමින් පහර දුන්නේ ඉන්දීය බුද්ධි අංශ තොරතුරු පාදක කර ගනිමිනි. පහර දීම සිදු කළේ අද අලුයම 3.30 ට පමණය.

ත්‍රස්ත පුහුණු කඳවුරුවලට ප්‍රහාර එල්ල කර ඇත්තේ, ලේසර් තාක්ෂණයේ ආධාරයෙනි. ප්‍රහාර සඳහා කිලෝ ග්‍රෑම් 1,000 ක් බරැති බෝම්බ යොදා ගත් බව ද කියයි.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS