ප්‍රධාන රෝග ලක්ෂණ ගැන විමසිල්ලෙන්

නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල හමුවේ මහා බ්‍රිතාන්‍යය මාසයක කාලයක් වසා දැමීමට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් තීරණය කිරීමත් සමඟ, කොරෝනා වයිරසයේ ප්‍රධාන රෝග ලක්ෂණ මොනවාදැයි ජනතාව දැනුවත් කිරීමට බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් පියවර ගෙන තිබේ.
ඒ අනුව, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ප්‍රධාන රෝග ලක්ෂණ යැයි බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් විසින් හඳුනා ගනු ලැබ ඇත්තේ උණ, කැස්ස සහ ගඳ සුවඳ නොදැනී යෑම ය. කොරෝනා වයිරසයේ ඇති බිහිසුණුකම වන්නේ, රෝග ලක්ෂණ කිසිවක් නොමැති ආසාදිතයන් සිටීමය. එමෙන්ම එම ආසාදිතයන්ගෙන් වයිරස ව්‍යාප්තියක් ඉතා වේගයෙන් සිදුවෙයි.
පැයකට වැඩි කාලයක් කැස්ස පැවැතීම හෝ දිනක් ඇතුළත අවස්ථා කීපයකදී කැස්ස ඇතිවීම, සෙල්සියස් අංශක 37.8 ට වඩා ශරීර උෂ්ණත්වය ඉහළ ගොස් ඇති නම් ඒ සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසත්, රෝහල් වෙත නොගොස් දුරකතන ඔස්සේ වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත්, වෛද්‍යවරුන් ජනතාවට උපදෙස් දී තිබේ.
බහුලව දක්නට නොලැබෙනවා යැයි පැවැසෙන රෝග ලක්ෂණ ලෙස බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් හඳුනා ගෙන ඇත්තේ, උගුරේ වේදනාව, තෙහෙට්ටුව, හන්දි වේදනාව, ඇස් රතුවීම, පාචනය, හිසේ කැක්කුම, සමේ පැහැය වෙනස් වීම සහ පාදයේ ඇඟිලිවල පැහැය වෙනස්වීම ය. දුර්ලභ වුවත්, බරපතල රෝග ලක්ෂණ ලෙස රෝග ලක්ෂණ 4 ක් හඳුන්වා දීමට ද වෛදවරුන් පියවර ගෙන ඇත. ඒවා නම්, හුස්ම ගැනීමේ අපහසුව, පපුවේ වේදනාව හෝ දැවිල්ල, කථන අපහසුතාය.
‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට වයස් භේදයක් නොමැති බවත්, දරුවන් අතරේ බහුලව දකින්න ලැබෙන වයිරස රෝග ලක්ෂණ වන්නේ තෙහෙට්ටුව, හිසේ කැක්කුම, උණ, උගුර ආසාදනය, සහ කෑම අප්‍රිය කිරීම යැයි බ්‍රිතාන්‍ය වෛද්‍යවරු පවසති.
ඔවුන් කොරෝනා ආසාදිතයන් යැයි තහවුරු වුණු දරුවන් 198 දෙනකු සම්බන්ධයෙන් සහ කොරෝනා ආසාදිතයන් වුවත් කිසිදු රෝග ලක්ෂණ නොපනේවූ දරුවන් 15,800 ක දෙදෙනකු සම්බන්ධයෙන් ලබා ගත් දත්ත අධ්‍යයනය කිරීමෙන් පසුවය.
ලන්ඩනයේදීය (රොයිටර්)

