ප්‍රධාන අමුත්තා මැක්රොන්



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනාවකට අනුව, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අද (25) ඉන්දියාවේ රාජස්ථාන ප්‍රාන්තයේ ජායිපූර් නුවරට පැමිණෙනු ඇත.

මෙවර ඉන්දියාවේ 75 වැනි ජනරජ දින සැමරුමේ ප්‍රධාන අමුත්තා වන්නේ ප්‍රංශ ජනාධිපති මැක්රොන්ය. ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ පවතින්නේ ඉතා සමීප මිත්‍රත්වයකි.

මෝදි සහ මැක්රොන්, ජායිපූර් හි සංස්කෘතික උත්සව රැසකට සහභාගී වීමට ද නියමිතය. පසුව, මැක්රොන් නවදිල්ලි අගනුවරට පැමිණෙනු ඇත්තේ, නවදිල්ලියේ පැවැත්වෙන ජනරජ දින උත්සවයට සහභාගී වීම සඳහාය.


RECOMMEND POSTS