ප්රණාබ් මුඛර්ජිට කොරෝනා
ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයකු වන ප්රණාබ් මුඛර්ජි ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයකු යැයි ඉන්දීය මාධ්‍ය අද සවස වාර්තා කළේය.
ඉන්දීය මාධ්‍ය මේ බව වර්තා කළේ 84 හැවිරිදි ප්රණාබ් මුඛර්ජි සිය ට්විටර් ගිණුමේ පළ කළ ප්‍රකාශයක් පාදක කර ගනිමිනි.
මුඛර්ජි ඉන්දියාවේ ජනාධිපති ධුරය හෙබවූයේ 2012 සිට 2017 තෙක් කාලයේය.
‘මා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වුණා. පසුගිය දින කීපයේ මා ඇසුරු කළ අය වෛද්‍ය උපදෙස් ලබා ගන්නැයි මා කාරුණිකව ඉල්ලා සිටිනවා’ යැයි හිටපු ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුම හරහා පවසා තිබේ.
ලොව තෙවැනියට කොරෝනා ආසාදිතයන් වාර්තා වන රට ඉන්දියාවය. පසුගිය දින කීපය පුරා එක් දිනකට ඉන්දියාවෙන් වාර්තා වුණු ආසාදිතයන් ගණන 50,000 කි. ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 22 ඉක්මවා තිබේ.
නවදිල්ලිහිදීය (එන්.ඩී.ටීවී)

