ප්රජාතන්ත්රවාදය හෑල්ලු කළ මැතිවරණයක්

බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්රතිඵලය ප්රතික්ෂේප කරන, එරට ප්රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන බංග්ලාදේශ ජාතික පක්ෂය පවසා ඇත්තේ පැවැති එම මහ මැතිවරණය ප්රජාතන්ත්රවාදය හෑල්ලුවට ලක් කළ මැතිවරණයක් කියාය.
බංග්ලාදේශ ජාතික පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වූයේ සෙසු විපක්ෂ දේශපාලන කණ්ඩායම් සමඟ සන්ධානගත වෙමිනි. බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායිකා කලීඩා ෂියා දූෂණ චෝදනා ලැබ වරදකරු වී සිර දඬුවම් විඳිමින් සිටින බැවින්, බංග්ලාදේශ ජාතික පක්ෂය ප්රමුඛ විපක්ෂ සන්ධානයට නායකත්වය දුන්නේ, 82 හැවිරිදි කමල් හොසේන්ය.
මැතිවරණය පැවැත්වූයේ පසුගිය 30 වැනිදාය. එහි ප්රතිඵල 31 නිකුත් විය. බංග්ලාදේශ අගමැතිනී ශීක් හසීනා ප්රමුඛ ඇගේ පාලක අවාමි ලීගය සමත් විය. බංග්ලාදේශ පාර්ලිමේන්තුව ආසන 300 කි. එයින් ආසන 50 ක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කර ඇත.
පාර්ලිමේන්තුවේ ආසන 300 න් ආසන 288 ක් දිනා ගැනීමට අගමැතිනී ශීක් හසීනාගේ අවාමි ලීගය ප්රමුඛ සන්ධානය සමත් වී තිබේ. ඒ අනුව සිවුවැනි වරටත් අගමැති ධුරයට පත් වීමට 71 හැවිරිදි ශීක් හසීනා සමත් වූවාය.
මහ මැතිවරණයේ දී, අක්රමිකතා රැසක් සිදුවුණු බව පෙන්වා දෙමින් යළි මැතිවරණයක් පවත්වන්නැයි කමල් හොසේන් බංග්ලාදේශ මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇති අතර, මැතිවරණ කොමසාරිස් නුරූල් හූදා එම ඉල්ලීම ප්රතික්ෂේප කර ඇත. මේ අතර, යළි අගමැති ධුරය සඳහා ජනවරමක් හිමිවුණු ශීක් හසීනා පවසා ඇත්තේ මැතිවරණය නිදහස් සහ සාධාරණ අයුරින් පැවැත්වීමට හැකි වුණු බවය.
(ඒ.එෆ්.පී.)

