ප්‍රංශයේ ‘කහ ජැකට්’ විරෝධතා දිගටම



ප්‍රංශයේ පැරිස් නුවර ‘කහ ජැකට්’ විරෝධතා තව දුරටත් පැවැත්වෙන බව එරට පුවත් සේවා වාර්තා කරයි.

විරෝධතා පැවැත්වෙන්නේ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට එරෙහිවය. පැරිස් නුවර චොම්ස් දෙ ලීසේ අසල පැවැති විරෝධතා විසිරුවා හැරීමට පොලිසිය යොදවා තිබුණු බව ද පැවැසෙයි.

‘කහ ජැකට්’ විරෝධතා ආරම්භ වූයේ පසුගිය නොවැම්බරයේදීය. ඒ, ප්‍රංශ ජනාධිපති මැක්රොන් ඉන්ධන සඳහා නව බද්දක් පැනැවීමත් සමඟය. ජනතා විරෝධතා හේතුවෙන් එම බද්ද හකුලා ගැනීමට ප්‍රංශ රජයට සිදුවිය.

කෙසේ නමුත් දිනෙන් දින ඉහළ යන ජීවන වියදම් සම්බන්ධයෙන් ප්‍රංශ වැසියන් සිය නොසතුටට පළ කර ඇති අතර, ඔවුන් දිගටම විරෝධතා පවත්වන බව පැවැසෙයි. පැරිස් නුවර පැවැත්වුණු විරෝධතා රැලියට 1,500 ක පිරිසක් සහභාගී වී සිටි බව ද වාර්තා වේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS