ප්‍රංශයේ පොඞ්ඩන්ට යාළුවෝ සමඟ සෙල්ලම් බෑ

ප්‍රංශයේ පෙර පාසල් දරු දැරියන්ට යළි පාසල් යෑමට අවස්ථාව ලැබුණු නමුත් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් ආරක්ෂා විය යුතු බැවින්, එම දරු දැරියන්ට තම තමන්ගේ යහළුවන් සමඟ සෙල්ලම් කිරීමට අවස්ථාවක් නොලැබෙන බව ප්‍රංශ පුවත් සේවා වාර්තා සඳහන් කරයි.
‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තිය හේතුවෙන්, ලොක්ඩවුන් කළ ප්‍රංශය අදියරෙන් අදියර විවෘත වෙමින් පවතී. ප්‍රංශයේ ප්‍රධාන නගරවලින් බැහැර පෙර පාසල් අධ්‍යාපන කටයුතු යළි ආරම්භ වූයේ මාස දෙකකට පසුවය. පෙර පාසල් විවෘත කිරීම සිදුවී ඇත්තේ ප්‍රංශ සෞඛ්‍ය බලධාරීන්ගේත් රජයේත් නිර්දේශ අනුවය.
එම නිර්දේශ අනුව, පංති කාමරවල මීටරයක පරතරය ආරක්ෂා වන ආකාරයට පොඩිත්තන්ගේ මේස පුටු තබ ඇති අතර ඉරි ඇද ඒවා වෙන් කර තිබේ. පාසලට පිවිසීමේදී පොඩිත්තන් ඇතුළු කර ගැනීම සිදුවන්නේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමෙනි.
දරුවන්ට එකිනෙකාට සමීප වීමට ගුරුවරුන් දැඩි පරිශ්‍රමයක් දරණ අතර දරුවන්ට එක් වී ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ ද නැත. ක්‍රීඩා පිටියේ එක් එක් දරුවාට ක්‍රීඩා තිරීමට සිදුවී ඇත්තේ හුණුවලින් ලකුණු කළ කොටුවක් තුළය.
ප්‍රංශ බෙල්ජියම් මායිමේ පිහිටි ප්‍රංශ පෙර පාසලක දරුවන් මෙසේ හුණුවලින් ලකුණු කළ කොටුවල කොටු වී උදාසීනව සිටින අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇති අතර, එය හද සසල කිරීමට හේතුවක් වී ඇතැයි බොහෝ දෙනා පවසයි.
‘ඒක හරිම අවාසනාවක්. කොරෝනා කළ හදියක තරම. දැන් දරුවන්ට එකිනෙකාට ළං වී සෙල්ලම් කරන්න අවසර නැහැ. පාසල යන අර්ථය පාසල්වල දැන් ඇත්තේ නැහැ. මේ දසුන් දකිද්දී මා කම්පනයට පත්වුණා’ යැයි ප්‍රශයේ ප්‍රකට ඉතිහාසඥයකු වන ලොරෙන්ස් දෙ කුක්, ‘ඬේලිමේල්’ වෙබ් අඩවියට අදහස් දක්වමින් පවසා ඇත.
පැරිසියේදීය (රොයිටර්/ඬේලිමේල්)

