ප්‍රංශයේ නිරෝධායන තහංචි දිගටම

බ්‍රසීලයේ සිට පැමිණෙන සියලු දෙනා දින 10 ක් නිරෝධානයේ රැදී සිටිය යුතු බව නව නිරෝධායන නීති හදුන්වා දීමට ප්‍රංශ සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
ඒ අනුව ලබන 24 වැනිදා සිට බ්‍රසීලයේ සිට පැමිණෙන සියලු දෙනා මෙම නිරෝධායන තහංචිවලට යටත් විය යුතු බව පැවැසෙයි.
බ්‍රසිලයෙන් පමණක් නොව, කොරෝනා ආසාදිතයන් සහ කොරෝනා වයිරස ප්‍රභේද ඔඩුදුවා ඇති ආජන්ටිනාවෙන්, චිලී රාජ්‍යයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් පැමිණෙන පිරිස් සදහා ද මෙසේ නිරෝධායන තහංචි පැනැවෙනු ඇතැයි ද පැවැසෙයි.
(රොයිටර්)

