ප්‍රංශය-බ්‍රිතාන්‍ය අතර අර්බුදයක්

ධීවර කටයුතු සම්බන්ධයෙන්, පොදු එකඟත්වයක් ඇති කර ගැනීමට නොහැකි වීමත් සමඟ මහා බ්‍රිතාන්‍යයත් ප්රංශයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇත.
සති අන්තයේ, රෝමයේ පැවැති 'ජී20' සමුළුවේදී ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ බ්‍රිතානන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අතර ධීවර කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ නමුත් එහිදී ද පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමට රාජ්‍ය නායකයන් දෙදෙනා සමත් වූයේ නැත.
මෙම නව අර්බුදය නිර්මාණය වී ඇත්තේ බ්‍රිතාන්‍යය, 'බ්‍රෙක්සිට්' ක්‍රියාවලිය සම්පූර්ණ කරමින් යුරෝපා සංගමයෙන් ඉවත් වූ බැවිනි.
ධීවර යාත්‍රාවලට බාධා නොකිරීමට දෙරට අතර එකඟත්වයක් ඇති කර ගත් නමුත් ප්‍රංශය චෝදනා කරන්නේ බ්‍රිතාන්‍ය එම එකඟත්වයට අනුව කටයුතු නොකරන බවය.
ප්‍රංශ ජනාධිපතිවරයාට හෝ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට හෝ සාකච්ඡා මාර්ගයෙන් මෙම අර්බුදය විසඳා ගැනීමට නොහැකි වුවහොත් ඒ සම්බන්ධයෙන් නීතිමගින් තීන්දු තීරණ ගැනීමට සිදුවුනු ඇතැයි පැවැසෙයි. එසේ වුවහොත් එය, දෙරට අතරේ, රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් දක්වා දුරදිග යනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
(ඒ.ඒෆ්.පී.)

